නාමල් රාජපක්ෂ ඇතුළු තුනකට ඇප

අධි චෝදනා 11ක් මත නඩු පවරා තිබු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් 03 දෙනෙකු අද (28)රු ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද (28) තීරණය කළේය.

මෙහි විත්තිකරුවන් 05 දෙනෙක් සිටි අතර ඉන් දෙදෙනෙකු අද අධිකරණයට පැමිණ නොසිටිම නිසා ඔවුන්ට යළි සිතාසි නිකුත් කල අතර නඩුව යළි අගෝස්තු 31 කැඳවන බව දැනුම් දුන්නේය.නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අයත් බව කියන ගවර්ස් කොපරේට් සමාගම ද විත්තිකරුවකු කර ඇත.

රුපියල් මිලියන 30ක මුදලක් අයුතු ලෙස උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අධි චෝදනා 11ක් මත නීතිපතිවරයා නඩුව පවරා තිබිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top