විද්‍යා ඝාතන නඩුව අද යාපනයේදී විභාගයට

යාපනයේ විද්‍යා සිසුවියගේ ඝාතනයට අදාළ නඩුව සම්බන්ධයෙන් කඩිනම් විභාගයක් පැවැත්වීම සඳහා මුල් වරට කොළඹින් පිටත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් පත් කර තිබේ.

අගවිනිසුරුවරයා විසින් මේ පත්කිරීම කර ඇති අතර, ඒ අනුව යාපනය මහාධිකරණයේ දී අදාළ නඩුව ලබන 28 දා සිට 05 වන දා දක්වා එකදිගට විභාග කිරීමට නියමිත ය.

මේ අතර අදාළ සිද්ධියේ සැකකරුවන් සැඟවීමේ චෝදනා ඉදිරිපත් වී ඇති මධ්‍යම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට විරුද්ධව නීතිපතිවරයා විසින් මෙතෙක් චෝදනා ගොනු කර නැතැයි අනාවරණය වේ. 2015 මැයි 23 වන දා විද්‍යා දැරිය පාසල් ගොස් ආපසු එන අතරතුර දී පැහැරගෙන ගොස් තිබිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top