SRILANKAN NEWS

උමා ඔය ව්‍යාපෘතියට එරෙහි විරෝධතාවය – ගැටළු විසඳීමට කමිටුවක්!

Image may contain: one or more people, crowd and outdoorමහින්ද රාජපක්‍ෂ පාලන සමයේ ආරම්භ කළ උමා ඔය ව්‍යාපෘතියෙන් තම ප්‍රදේශය දැවැන්ත අවදානමකට පත්ව ඇතැයි පවසමින් අද (28) දින බණ්ඩාරවෙල නගරයේ දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කර තිබුණි.

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් මේ වනවිට රටම බරපතල අනතුරකට පත්ව ඇති බැවින් ඊට කන්දී ඉල්ලීමවලට විසඳුම් ලබා නොදුනෙත් ඉදිරියේදී මීටත් වඩා බරපතල තීන්දු කිහිපයක එළඹීමට විනාශකාරී උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව ජනතා පෙරමුණ තීන්දු කර ඇති බවත් දන්වමින් එහි කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න විසින් අද පෙරවරුවේ ජනාධිපතිවරයා වෙත ලිපියක් ද යොමු කර තිබේ.

මේ අතර, උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමේදී බණ්ඩාරවෙල ප්‍රදේශයට දැනට පැන නැගී ඇති. පාරිසරික ගැටලු පිළිබඳව මුලික කරුණු විමර්ශනය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය මගින් ඊයේ (27දා) අමාත්‍ය අනුකමිටුවක් පත් කර ඇතැයි මහවැලි රාජ්‍ය අමාත්‍ය හා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කර තිබේ.

මෙම අනුකමිටුව ලබන සතියේ දී බණ්ඩාරවෙලට යාමට නියමිත අතර, එහිදී උමා ඔය ව්‍යාපෘතියෙන් හට ගෙන තිබෙන පාරිසරික ගැටලු නිරීක්ෂණය කිරීමටද නියමිත බව පැවැසේ.

මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ 2009 වසරේදී ආරම්භ කළ උමා ඔය බහු කාර්ය යෝජනා ක්‍රමයෙන් ඌව පරණගම, බණ්ඩාරවෙල, හාලිඇල, ඇල්ල, වැලිමඩ ඇතුලු ග්‍රාම සේවා වසම් 25ක නිවාස, පාසල් හා ගොඩනැගිලි 7,037ක් විනාශයට පත්ව තිබේ. පානීය ජලය සැපයෙන ළිං රැසක් සිදී ගොස් ඇති අතර ජල මූලාශවල ජලය උමා ඔය උමග වෙත ඇදී යන බව ජනතාව පෙන්වාදී තිබේ.

Image may contain: one or more people, crowd and outdoor