උතුර නැගෙනහිර කඳුකර ජනතා නියෝජිතයන් එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරිය හමුවෙයි..

????????????????????????????????????

උතුර නැගෙනහිර පළාත්වල ජීවත් වන කඳුකර ජනතාවගේ නියෝජිතයන් එක්සත් ජාතීන් සංවිධානයේ සුළු ජාතිකයන්ගේ කටයුතු පිළිබඳ විශේෂ නියෝජිත රීටා අයිසැක්‌ මහත්මිය නුවරදී හමුවී සාකච්ඡා කර තිබේ.

මෙම හමුව ඊයේ (15) දින නුවර සමාජ සංවර්ධන ආයතනයේ පවත්වා තිබේ. එහිදී උතුර නැගෙනහිර පළාත්වල සුළු ජාතිකයන් ලෙස ජීවත් වන කඳුකර ජනතාවගේ දේශපාලන, සංවර්ධන හා යටිතල අව්‍යශතා ඇතුළු තමන් මුහුණ දෙමින් සිටින ගැටළු සම්බන්‍ධයෙන් සාකච්ඡා කර තිබේ.

????????????????????????????????????1958, 1977 සහ 1983 යන වසරවල රටේ සිඳුවූ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් පීඩාවට පත්ව උතුර නැගෙනහිර පළාත්වලට අවතැන්ව යෑමෙන් අනතුරුව එදා පටන් අද දක්වා තමන් මුහුණ දෙමින් සිටින ගැටළු සම්බන්‍ධ වාර්තාවක්ද රීටා අයිසැක්‌ මහත්මිය වෙත භාරදී තිබේ.

උතුර නැගෙනහිර පළාත්වල ජීවත් වන කඳුකර ජනතාවට සාධාරණීය දේශපාලන නියෝජනයක් නොමැතිවීම, සංවර්ධන කටයුතුවල වෙනස්කම්, ඉඩම් ගැටළු, කාන්තා ගෘහ මූලිකත්වය දරන පවුල්වල ගැටළු, අධ්‍යාපන, සෞඛ්‍ය, ජීවනෝපාය, රැකියා අවස්ථා ඇතුළු කරුණු රැසක් සම්බන්‍ධයෙන් මෙහිදී සාකච්ඡා කර තිබේ.

????????????????????????????????????

– Global Tamil News : Sinhala

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top