SRILANKAN NEWS

මයිලඩි ධිවර වරාය ඇතුළු අක්කර 54ක ඉඩම් වසර 27කට පසු නිදහස් කරයි..

යාපනය දිස්ත්‍රිකයේ මයිලඩි ධිවර වරාය (Myladi Fisheries Harbour) සහ තවත් ආරක්‍ෂක හමුදාවන් විසින් භාවිතා කරන ලද අක්කර 54ක භුමි ප්‍රදේශයක් අද ( 03) මහජනතාව වෙනුවෙන් නිදහස් කිරීමට යාපන ආරක්‍ෂක සේනා මුලස්ථානය කටයුතු කර තිබේ.

ඉකුත් ඉඩම් දිස්ත්‍රික්ක දිසාපතිවරයා වෙත භාරදී ඇති අතර, එම ප්‍රදේශයේ පවුල් 50ක පමණ ජනතාව නැවැත පදිංචීමට නියමිත බව ද පැවැසේ.

විශේෂයෙන් මයිලඩි වරාය සහ අවට ඉඩම් අක්කර 54ක්ම වසර 27කට පසු නිදහස් කර තිබේ. ඒ අනුව මයිලඩි වරාය ඇතුළු ඉකුත් ඉඩම්වල ඔප්පු ලේඛණ යාපනය දිස්ත්‍රික්ක හමුදා ආඥාපති හෙට්ටියාරච්චි මහතා විසින් යාපනය දිස්ත්‍රික්ක දිසාපති එන්. වේදනායකම් මහතා වෙත නිල වශයෙන් භාරදී තිබේ.