SRILANKAN NEWS

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අඛණ්ඩ වැඩ වර්ජනයකට සූදානම් වෙයි..

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලබා දෙන තෙක් දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයකට යන බව ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අනිද්දා (05) සිට තමන් අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කරන බවට අද (03) කොළඹ දී පැවති මාධය හමුවකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෙෙද්‍ය සමන්ත අානන්ද මහතා පවසා තිබේ.

සයටම් ගැටලුව විසඳීමට රජය කටයුතු නොකිරීම හේතුවෙන් මධ්‍යම කාරක සභාව අඛණ්ඩ වැඩ වර්ජනයකට අවසර ලැබී ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.