SRILANKAN NEWS

කඳුකරයේ පාසල් 15ක් සංවර්ධනය කිරීමට ඉන්දියාව සූදානම් – රාධාක්‍රිෂ්ණන්

කඳුකරයේ පාසල් 15ක් සංවර්ධනය කිරීමට ඉන්දියාව සහාය පළකර ඇති බවත්, ඒ සඳහා ඉන්දිය රජය අනුමැතිය ලබාදී ඇතැයි අධ්‍යාපන රාජ්‍ය ඇමැති වේ. රාධාක්‍රිෂ්ණන් මහතා පවසයි.

එහි කොටසක් වශයෙන් පුස්සල්ලෑව සරස්වති මධ්‍යම විද්‍යාලයට රුපියල් මිලියන 95ක මුදලක් ලබාදීමට නියමිත බවද හෙතෙම පවසා තිබේ.

අද (3) දින නුවර පැවැති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ. තමන් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව කඳුකර පාසල් 30ක් සංවර්ධනය කිරිම සඳහා ඉන්දියාවේ සහාය ඉල්ලා සිටි බවත්, ඒ අනුව එහි පළමු අදියර ලෙස පාසල් 15ක් සංවර්ධනය කිරීමට ඉන්දිය රජය සහාය ලබා දෙන බවට ඉන්දිය නියෝජ්‍ය මහ කොමසාරිස් රාදා වෙන්කට්රාමන් මෙනවිය පැවැසූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.