නව යුද හමුදාපති මහේෂ් සේනානායක

හිටපු යුද හමුදාපති ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට උසස් කිරීමෙන් පසුව නව යුද හමුදාපති වශයෙන් ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

1981 වසරේ දී යුද හමුදාවට සම්බන්ධ වූ සේනානායක මහතා කොළඹ ආනන්ද විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයෙකි.

යාපනය ආරක්ෂක සේවා ආඥාපති ලෙස ද කටයුතු කර ඇති මහේෂ් සේනානායක මහතාට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ හමුදාපති ධුර කාලයෙන් පසු නිසි සැලකිල්ලක් නොලැබුණු බව යුද හමුදා ආරංචි කියයි.  ඔහු නීති ගරුක යුද හමුදා සාමාජිකයන් අතර දැඩි ප්‍රසාදයක් දිනා ගත් නිලධාරියෙකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top