SRILANKAN NEWS

පසුගිය කාලය තුළ අපදාවෙන් පීඩාවට පත් රාජ්‍ය සේවකයින්ට සහන ණයක්..

පසුගිය කාලය තුළ දිවයින පුරා අැතිවූ අපදා තත්ත්වයෙන් පීඩාවට පත් රජයේ සේවකයන් සදහා විශේෂ ණය මුදලක් ලබාදීමට තීරණය කර අැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසා සිටියි.

මේ යටතේ ස්ථිර රජයේ සේවකයෙකු සදහා සිය මුලික වැටුප මෙන් හය ගුණයක මුදලක් පොලී රහිතව, ඇපකරුවෙක් නොමැතිව වාරික 36 කින් ගෙවිය යුතු ලෙස ණය මුදලක් ලබාගත හැකිවනු අැත.

එමෙන්ම තාවකාලික හා අනියම් ක්‍රමය යටතේ රාජ්‍ය සේවයේ යෙදී සිටින සේවකයින් සදහා සිය මාසික වැටුප මෙන් තුන් ගුණයක මුදලක්, පොලී රහිතව, වාරික 18 කින් නැවත ගෙවීමේ පදනම ණයමුදලක් ලබාගත හැකිවනු අැත.

මෙම ණය මුදල සදහා එක් ඇපකරුවෙකු ඉදිරිපත් කළ යුතු වන අතර අමාත්‍යාංශ නිල වෙබ් අඩවිය තුළින් වැඩිදුර තොරතුරු සහ අයදුම්පත් ලබාගත හැකි බව ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

Tags