SRILANKAN NEWS

අසීස් අල් සෞද් කුමරු ජනපතිව හමුවෙයි

ශ්‍රී ලංකාවේදී සෞදි ආයෝජකයන්ට ඇති ආයෝජන අවස්ථා පිළිබඳව දැනුවත් කිරීම සඳහා. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන් පිරිසක් සමග සෞදි සංචාරයකට එක්වන ලෙස සෞදි රජ පවුලේ අබ්දුල් අසීස් අල් සෞද් කුමරු අද (04ද) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ආරාධනා කළේය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා සෞදි රජකුමරු අතර අද (04දා) හමුවක් පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය පිළිබඳ මෙහිදී සිය ප්‍රසාදය පළකළ අබ්දුල් අසීස් අල් සෞද් කුමරු, ශ්‍රී ලංකාවේ වෙළෙඳ සහ සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳ  ප්‍රමුඛ අවධානයක් යොමුකරන බවද පවසා සිටියේය.

සෞදි අරාබිය අතීතයේ පටන් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ලබාදෙන සහාය මෙහිදී අගය කළ ජනාධිපතිවරයා, ගංවතුරෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ලබාදුන් සහායද ඇගයීමට ලක්කළේය.