අන්තර් ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු 5ක් යළි බන්ධනාගාරයට

අන්තර් ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර ඇතුළු තවත් 5 දෙනෙකු ලබන 19 වන දා තෙක් යළි බන්ධනාගාර ගත කරන ලෙස මාළිගාකන්ද මහේස්ත්‍රාත් ඊයේ (05) දින නියෝග කර ඇත.

පසු ගිය දා පැවති සයිටම් විරෝධතාවය අතරතුර සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී පොදු දේපළවලට හානි සිදු කිරීම යටතේ මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණි. තවත් සිසුන් අට දෙනෙකු හඳුනාගෙන ඇති බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කරඇත.

පැමිණිල්ල වෙනුවෙන් පොලිසිය සමඟ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ජනක බණ්ඩාර මහතා පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළේය.සිකකරුවන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලමින් නීතීඥවරු දිගින් දිගටම කරුණු ඉදිරිපත් කළහ.

මෙම සැකකරුවන් පොදුදේපොළ පනත යටතේ නඩුව අවසන්වන තුරු රිමාන්ඩ් බාරයේ තැබිය හැකි බවත්, සුවිශේෂී කරුණු නැතිනම් ඔවුන් තවදුරටත් රිමාන්ඩ් කරන ලෙසත් පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතීඥවරයා ඉල්ලා සිටියේය. සැකකරුවන්ට ඇප ලබා දීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් නොවූ බව තීරණය කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 19 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top