එ.ජා. සංවිධානයේ ත්‍රස්ත මර්දන කමිටුවේ ප්‍රධානියා ශ්‍රී ලංකාවට..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සුරැකීමේ සහ ත‍්‍රස්ත මර්දන විශේෂ පර්යේෂණ කමිටුවේ ප‍්‍රධානි බෙන් එමර්සන් මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. බෙන් එමර්සන් ලබන 10 වනදා සිට 14 වනදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිත බව පැවැසේ.

මානව හිමිකම් ආරක්‍ෂාව සහ ත්‍රස්ත මර්දන කටයුතු පිළිබඳ ශ්‍රී ලංකා රජයේ ක්‍රියා කටයුතු ගැන සොයා බැලීමේ අරමුණින් ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. තමන් මානව හිමිකම් ආරක්‍ෂාව සහ ත්‍රස්ත මර්දන නීතිය සැකසීමට අවශ්‍ය උපදෙස් ලබාදීමට ද කටයුතු කරන බව බෙන් එමර්සන් පවසා තිබේ.

බෙන් එමර්සන් මහතා විදේශ කටයුතු, අධිකරණ, දකුණු සංවර්ධනය, නීතිය හා සාමය, මුදල්, ජනමාධ්‍ය, බන්‍ධනාගාර හා පුනරුත්ථාපන ඇතුළු අමාත්‍යවරුන් හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top