කටාරයට අවශ්‍ය අහාර ද්‍රව්‍ය තුරුක්කියෙන්

සෞදි අරාබිය ඇතුළු රටවල් කිහියක් විසින් කටාර් රාජ්‍යට එරෙහිව ආර්ථික සම්බාධක පනවා මාසයක කාලයක් අවසන්වී තිබෙන අවස්ථාවක තුරුක්කිය විසින් ප්‍රථම වරට කටාර් රාජ්‍යට අවශ්‍ය අහාර ද්‍රව්‍ය නෞකා මඟින් යවා තිබේ.

තුරුක්කියේ ඉස්මීර් වරාය සිට පිටත්වූ අහාර ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 3000ක් රැගත් ප්‍රථම නෞකාව කටාරයෙහි හමාත් වරායට ළඟාවී තිබේ. ආර්ථික සම්බාධක පැනවීමෙන් අනතුරුව තුරුකිය විසින් සිය සම්පූර්ණ සහාය කටාර් රාජ්‍යට ලබාදී තිබුණි.

ඉදිරි සතියේ කටාරයට අවශ්‍ය තවත් ආහාර ද්‍රව්‍ය යැවීමට තුරුකිය පියවර ගෙන ඇති බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top