ප්‍රීමා පිටි ප්‍රවාහනය දුම්රියෙන්

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි චීන වරායේ සිට ගාල්ල හා සීදුව දක්වා ප්‍රීමා පිටි ප්‍රවාහනය කිරීම දුම්රිය දෙපාර්තමේන්තුව නැවතත් ආරම්භ කර ඇත.

මෙමගින් මසකට පිටි ටොන් පහලොස් දහසක් (15000) ක් ප්‍රවාහනය කිරීමට බලාපොරොත්තු වන අතර එමගින් රුපියල් මිලියන එකොළහක (රු.මි.11) අදායමක් දුම්රිය දෙපාර්තමේන්තුවට ලබාගත හැකි වේ.
මෙම ගිවිසුම අත්සන් තැබීම දුම්රිය සාමාන්‍යධිකාරී බී.ඒ.පී. ආරියරත්න හා ප්‍රීමා සමාගමේ සමූහ සාමාන්‍යධිකාරී ටාන් බෙං චුවාන් (Tan Beng Chuan) යන මහත්වරුන් පසුගියදා සිදු කෙරිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top