SRILANKAN NEWS

රිය අනතුරුවලින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට

කුලියාපිටිය සහ කිලිනොච්චිය ප්‍රදේශවල සිඳුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

කුලියාපිටිය දණ්ඩගමුව අලළුව ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදියේ වේගය පාලනය කරගත නොහැකිව එය මාර්ගය අසල තිබූ ගසක ගැටීමෙන් මෙම අනතුර සිඳුව ඇති අතර, තුවාල ලැබූ යතුරු පැදිකරු කුලියාපිටිය රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිත්‍කෂයට පත්ව තිබේ.

මේ අතර කිළිනොච්චිය පරන්තන් පුනරීන් මාර්ගයේදී සිදුවූ අනතුරකින් පාපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පසුපසින් පැමිණි වෑන් රථයක් පාපැදියේ ගැටී ඇති අතර එම වෑන් රථය පලාගොස් ඇති බව වාර්තාවේ. අනතුරින් තුවාල ලැබූ පාපැදිකරු කිළිනොච්චිය රෝහලට ඇතුළත් කරන අතරතුර ජීවිතක්ෂයට පත්ව තිබේ. කිලිනොච්චිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.