නැගෙනහිර ආණ්ඩුකාරවරයා නිල වශයෙන් වැඩ භාර ගනී..

නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා අද (7) දින ත්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර ආණ්ඩුකාර කාර්‍යාලයේදි සිය තනතුරේ වැඩ භාර ගත්තේය.

එම අවස්ථාවට නැගෙනහිර පළාත් මහ ඇමැති හාෆිස් නසීර් අහ්මද් මහතා ඇතුළු නැගෙනහිර පළාත් මැති ඇමැතිවරුන්ද සහභාගිවූහ. එහිදී අදහස් ප්‍රකාශ කළ නැගෙනහිර පළාත් මහ ඇමැතිවරයා, නැගෙනහිර ආණ්ඩුකාරවරයා සමඟ එක්වී නැගෙනහිර පළාතේ සංවර්ධනය සඳහා කටයුතු කිරීමට සූදානම් බව පවසා සිටියේය.

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කිරීමෙන් අනතුරුව පුරප්පාඩු වූ නැගෙනහිර ආණ්ඩුකාර ධූරයට රෝහිත බෝගොල්ලාගම මහතාව පසුගිය 4වනාදා ජනාධිපතිවරයා විසින් පත් කර තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top