මල්ලාගම් ප්‍රදේශයේදී පැහැර ගැනීමට ලක්වූ සිසුවිය වරණි ප්‍රදේශයෙදී සොයා ගනී..

යාපනය මල්ලාම් ප්‍රදේශයේදී වාහනයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන යෑමට ලක්වූ පාසල් සිසුවිය පැය දෙකකට පමණ පසු තෙන්මරාච්චිය වරණි ප්‍රදේශයේ දමා ගොස් තිබේ. ප්‍රදේශවාසීන් විසින් සිසුවිය සාවකච්චේරිය රෝහලට ඇතුලත් කර තිබේ.

ඉකුත් ප්‍රදේශයේ පිහිටි පාසලක ඉගෙනමු ලබන 18 හැවිරිදි සිසුවියෙකු මෙලෙස පැහැරගෙන ගොස් තිබුණි. සිසුවිය පාසලට යමින් සිටියදී වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් ඇයව පැහැරගෙන ගිය බවට පැවැසේ.

පැහැරගෙන ගිය පුද්ගලයන් හා පැහැර ගැනීමට හේතුව ගැන මෙතෙක් කිසිඳු තොරතුරක් අනාවරණයවී නොමැති අතර, මල්ලාගම් සහ සාවකච්චේරිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top