SRILANKAN NEWS

අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් දිවුරුම් දෙති

අභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් දිවුරුම් දෙතිඅභියාචනාධිකරණ විනිසුරුවරු තිදෙනෙක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ ඊයේ (11 ) දිවුරුම් දුන්හ.

ඒ අනුව හිටපු මහාධිකරණ විනිසුරුවරුන් වන ඒ.ඒ.ජී.ආර්. අමරසේකර, ඒ.එල්. ශිරාන් ගුණරත්න සහ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක් ද සිල්වා යන මහත්වරුන් මෙලෙස අභියාචනාධිකරණයේ නව විනිසුරුවරුන් ලෙස දිවුරුම් දුන්නහ.

ජනාධිපති කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදුවූ අතර එම අවස්ථාවට ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද එක්ව සිටියේය.