මැතිව්ස් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව ඇන්ජලෝ මැතිව්ස්, ක්‍රිකට් තේරීම් කමිටුවට වාචිකව දැනුම් දී තිබේ. ඔහු සිය ඉල්ලා අස්වීම දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින්ද පිලිගෙන තිබේ. මැතිව්ස් අද (12) පෙරවරුවේදී කණ්ඩායමේ ක්‍රීඩකයන් හමුවීමෙන් පසුව සිය තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට සූදානමින් සිටින බව ද වාර්තා වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක් දින තරගාවලියක් පරාජය වීමෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් ඉල්ලා අස්විය යුතු බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් පළවෙමින් තිබිණ.

විශේෂයෙන්ම මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හෝ ලසිත් මාලිංග නොමැතිව උපුල් තරංග ගේ නායකත්වයෙන් පසුගියදා සිම්බාබ්වේ හි සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත්වුවත්, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ද සහිත කණ්ඩායම ශ්‍රී ලංකාව තුළ දීම තරගාවලිය පරාජයවීම ක්‍රීඩාලෝලීන් ගේ දැඩි විවේචනයට ලක් වී තිබුණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top