SRILANKAN NEWS

ඉන්දිය ධීවරයන්ගේ ආක්‍රමණයට හේතුව උතුරේ ධීවරයන්ය – හමුදාපති

උතුරේ ධීවරයන් මසුන් ඇල්ලීම බොහෝ දුරට නතර කර දැමීම නිසා ඉන්දීය ධීවරයෝ උතුරු මුහුද ආක්‍රමණය කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

උතුරේ ධීවරයන් සුළු පිරිසක්‌ මාළු ඇල්ලීමට පුරුදු වී සිටින අතර ඉන් වැඩි දෙනකු දැල් ගසා මසුන් අල්ලා දවසේ වේල පිරිමසා ගන්නා බව ද කී යුද හමුදාපතිවරයා මෙම තත්ත්වය මත යාපනයේ මාළු වෙනදා කොළඹ පැමිණෙන බවත් කොළඹ පැමිණෙන මාළු ලොරි සංඛ්‍යාව පවා අඩු වී ඇති බව ද කීවේය.

මෙම තත්ත්වය මැද උතුරු මුහුදු තීරය ඉන්දීය ධීවරයන් විසින් ආක්‍රමණය කරනු ලබන බව ද දකුණු මුහුදේ බහුදින යාත්‍රා සුලබව දක්‌නට ලැබෙන නමුත් උතුරු මුහුදේ බහුදින යාත්‍රා දක්‌නට නොලැබෙන්නේ මසුන් ඇල්ලීම බොහෝදුරට අඩපණ වී තිබෙන නිසා බව ද පැවසීය.

උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් මහතා ගහන ගහන පදයට හමුදාව නටන්නේ නැති අතර ඔහුගේ බලාපොරොත්තු සියල්ලම සිහිනයක්‌ පමණක්‌ යෑයි හමුදාපතිවරයා කීවේය.

යාපනයේ “ආවාගෘප්” දැන් නැතත් වැලි ජාවාරම් කාරයන් උතුරේ ජනතාව බියගැන්වීමට ක්‍රියා කරන බව කී හමුදාපතිවරයා ඩෙංගු උවදුරු මැඬලීම සඳහා ආරක්‍ෂක හමුදාව ජනාධිපති කාර්ය සාධන හමුදාවට සම්පූර්ණ සහාය ලබාදෙන බව සඳහන් කළේය.