ගැබිණි මව්වරුන්ගේ පෝෂණ දීමනාව ජංගම දුරකථනයට

රජයේ දින සියයේ වැඩසටහන යටතේ ක‍්‍රියාත්මක වූ ගැබිනි මව්වරුන්ට පෝෂණ දීමනාවක් ලබා දීමේ ව්‍යාපෘතිය ඉදිරි කාලය තුළ දී මව්වරුන්ගේ ජංගම දුරකථනයට ලැබෙන ඩිජිටල් මුදල් වවුචරයක් මගින් ක‍්‍රියාත්මක කරවීමේ නව වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිත බව මාධ්‍ය නිවේදනයක නිකුත් කරමින් ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය පවසයි.

මෙම ව්‍යාපෘතිය හරහා රුපියල් 20,000ක් දක්වා පෝෂණ දීමනාවක් මාසික රුපියල් දෙදහසේ වාරික ලෙස ගැබිණි මව්වරුන්ට ලබා දුනි. මෙතෙක් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වූයේ ගැබිණි මව්වරුන් විසින් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලබාගන්නා වවුචර පතක් වෙළදසැල් හිමියන්ට ලබා දී අවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමයි. එම මව්වරුන්ගේ වඩාත් පහසුව පිණිස මෙම ජංගම දුරකථනය භාවිතා කරන නව ක‍්‍රමවේදය හදුන්වා දීමට නියමිතය.

මෙහි දී සිදුවනුයේ ලියාපදිංචි ගැබිණි මව්වරුන්ට ඩිජිටල් වවුචරයක් ලෙස මාසිකව මෙම මුදල තමන්ගේ ජංගම දුරකථනයට ලැබීමයි. වෙළදසැල් හිමියන්ට එය ඉදිරිපත් කර භාණ්ඩ ලබා ගැනීමට හැකිවන අතර වෙළදසැල් හිමියන්ට ද තමන්ගේ ජංගම දුරකථනය හරහා වවුචරයට අදාල මුදල තමා වෙත ලබා ගැනීමට හැකියාව ලැබේ. ඕනෑම දුරකථන ජාලයක් හරහා මෙය ක‍්‍රියාත්මක කළ හැකිවන පරිදි සැළසුම්කර ඇත.

මෙහි අත්හදා බැලීමේ වැඩසටහනක් තව නොබෝ දිනකින් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල කිහිපයක් තුළ ක‍්‍රියාත්මක කරවීමට නියමිතය. අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකයේ සම්බන්ධීකරණයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සම`ග විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ ප‍්‍රධානත්වයෙන් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top