SRILANKAN NEWS

ඇවන්ගාඩ් නඩුව අගෝස්තු 11 තෙක් නඩුව කල් යයි..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු සැකකරුවන් 8දෙනෙකු සම්බන්ධ නඩුවේ ලිඛිත දේශන සඳහා ලබන අගෝස්තු 11 තෙක් නඩුව කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (12) නියෝග කර තිබේ.

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමට අවකාශ සලසමින් රුපියල් බිලියන 11.4ක් හෝ ඊට ආසන්න මුදලක් රජයට පාඩුකළැයි චෝදනා ඔවුහු චෝදනා ලැබ සිටිති.

මෙහි එක් චූදිත තැනැත්තියක වන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය මේතෙක් අත්අඩංගුවටගෙන නැති අතර ඇය රාජ්‍ය සේවක නීතී රීති උල්ලංඝණය කරමින් නීතිවිරෝධී ලෙස විදේශගත වී සිටියි.

හිටපු යුද හමුදා මේජර් වඩුගේ ප්‍රනාන්දු, හිටපු යුද හමුදා මේජර් කරුණාරත්න අධිකාරි එගොඩවෙල, හිටපු නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක, හිටපු නාවික හමුදාපති ජයනාත් කොළඹගේ සහ හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රැන්සිස් ජයරත්න යන අය මෙහි සෙසු සැකකරුවෝ වෙති.