ARTICLES SRILANKAN NEWS

උතුරේ සිංහල පදිංචි කිරීම් පිළිබඳ ප්‍රශ්ණයට රජයේ පිළිතුර කුමක් ද?

mullaithevu sinhala_CIදෙමළ ප්‍රදේශවල සිංහල පදිංචි කිරීම් සම්බන්‍ධයෙන් වත්මන් රජයෙහි ස්ථාවරය බියක් සැකයක් ඇති කරන අයුරින් තිබේ. උතුරු පළාත් මහ ඇමැතිවරයා උතුරේ සිදුකරන සිංහල පදිංචි කිරීම්වල වත්මන් තත්වය ගැන වාර්තාවක් ද ඉල්ලා තිබේ. ඔහු, දෙමළ ජනයාගේ ඉඩම් ආක්‍රමණය කිරීම ගැන තමන් කථා කළ නමුත් ක්‍රියාශිලි ක්‍රියාමාර්ගයක් නොමැති හෙයින් මේ සම්බන්‍ධයෙන් බලපෑමක් සිදුකළ යුතු බව පෙන්වාදී තිබේ.

මෙම ප්‍රශ්ණය ගැන සොයා බැලීමට පෙර සියළු දෙනා වැදගත් කරුණක් වටහා ගත යුතුයි. එනම්, නැවැත පදිංචි කිරීම හා සිංහල පදිංචි කිරීම අතරවූ වෙනස වටහා ගත යුතුය. එවැනි තැනකදී, දෙමළ ජනතාව හා ඔවුන්ව නියෝජනය කරන නායකයන් කිසිවිටක සහෝදර ජාතීන් යුද්දයෙන් පීඩාවට පත්වී සිටින්නේ නම් ඔවුන් සිය ප්‍රදේශවල නැවැත පදිංචියට පැමිණීම කිසිවකු විරුද්ධත්වය පළ කර නැත. ඒ අනුව, දෙමළ පාර්ශවයෙන් සිංහල ජනතාවගේ නැවැත පදිංචිය සම්බන්‍ධයෙන් විරුද්ධත්වයක් එල්ලවී නැත. නමුත් නැවැත පදිංචිය යන සීමාවතුල සිදුකරන සහ ක්‍රියාත්මක කිරීමට තැත්කරන ජන වාර්ගිකය හා දෙමළ ජනතාවගේ පුරාණ ඉතිහාසය විනාශ කිරීමට උත්සහ කරන සැලසුම් සහගත සිංහල පදිංචි කිරීමට සහ එම පදිංචි කිරීම් ස්ථීරපත් කිරීමේ කටයුත්තට දෙමළ ජනතාව විරෝධය පළ කරති. එමෙන් මෙම විරුද්ධත්වය සංහිඳියාව ස්ථාපිත කිරීම සඳහා වූ කටයුත්තක් ලෙස ද හැඳින්විය හැක. ජාතික සංහිඳියාවට බාධාවක් විය හැකි යුක්තියට පටහැනි සිංහලීකරණයට ශක්තිය ලබාදීමට රාජ්‍ය බලය තිබීම ප්‍රශ්ණයකි.

මෙම අවස්ථාවේදී රජය සැලසුම් සහගත සිංහල පදිංචි කිරීම් සහ දැනටත් පසුගිය කාලයේ සිදුකළ ආක්‍රමණයට ද නිසි විසඳුමක් ඉදිරිපත් කළ යුතු යැයි ඉල්ලා සිටීම සංහිඳියාවට අවශ්‍යවූ කරුණක් වී ඇත. රජය විසඳුම ඉදිරිපත් කරන අතර, එය ක්‍රියාත්මක කරන ආකාරය ගැන සාමාන්‍යන් වෙනස් කළ නොහැකි ප්‍රතිපත්තියක් ද ඉදිරිපත් කිරීමට අවශ්‍යය.

download මහවැලි ගඟේ ජලය උතුරට ගෙන ඒම ගැන සාකච්ඡා පැවැත්වේ. තවද නැවැත පදිංචිය වැඩමුළුව සඳහා අමාත්‍යංශයේ තිරණය ද නිකුත් කර ඇත. මෙම කාරණා දෙකම උතුරේ ජන වාර්ගිකය වෙනස් කිරීම සඳහා සැලසුම් සහගත සිංහල පදිංචිය සම්බන්‍ධයෙන් යටි අරමුණකින් සිදුකරන කටයුතු විය හැකි බව පෙන්වා දෙමින් උතුරේ කථා බහට ලක්වූ මාතෘකාවක් වී තිබේ.

රජය පසුගිය මාසයේදී උතුරු පළාත් සභාව ප්‍රතික්‍ෂේප කර උතුරේ නැවැත පදිංචිය සඳහා කාර්‍ය බළකායක් පිහිටුවා තිබේ. එම කාර්‍ය බළකාය, උතුරු පළාතේ සිංහල හා මුස්ලිම් ජනතාව නැවැත පදිංචි කිරීමේ කටයුතුවල වැඩි අවධානයක් යොමු කරන බව සඳහන් කර තිබේ. ඒ අනුව දැනට සිංහල පවුල් 5554කට හා, මුස්ලිම් පවුල් 16120කට නිවාස පහසුකම් සපයා දිය යුතු යැයි රජය පවසයි.

නැවැත පදිංචිය යන මූලික කාරණාව යටතේ දෙමළ ජනතාවට ලැබිය යුතු නැතිනම් ඉටුකළ යුතු කටයුතු ගණනාවක් තිබියදී එයට රජය නිසි විසඳුමක් ලබා නොදී උතුරේ සිංහල පදිංචිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි. රජය සිය සැලසුම ක්‍රියාත්මක කර ගැනීම සඳහා උතුරේ නියෝජිතයන්ව ප්‍රතික්‍ෂේප කර වැඩසටහනක් ඉදිරිපත් කිරීමට උත්සහ කරමින් සිටියි. මෙය සැකයක් මතුකරන අයුරින් තිබේ. එම කාර්‍ය බළකාය සම්බන්‍ධයෙන් උතුරු පළාත් සභාව දැඩි විරෝධය පළකර ද තිබේ. එය සිංහල පදිංචිය ව්‍යාප්ත කිරීම සඳහා පත්කරන ලද බළකායක් බව උතුරු පළාත් සභාවේ උප සභාපති ඇන්ටනි ජෙගනාදන් පවසා තිබේ… මෙලෙස දැඩි වාද විවාදකම් සැකයක් ඉදිරිපත් කළ නමුත් එයට නිසි පිළිතුරක් මධ්‍යම රජයෙන් ලැබී නැත.

පසුගිය ඔක්තෝම්බර් මස ජනාධිපති සමඟ උතුරේ නැවැත පදිංචිය පිළිබඳ වැඩපිළිවලක් ඉදිරිපත් කිරීම ගැන උතුරු පළාත් සභාව සාකච්ඡා කර තිබුණි. එ අනුව උතුරු පළාත් සභාව විසින් වාර්තාවක් සකසා එය දැනට උතුරු පළාත් සභා අමාත්‍යංශ උපදෙස් සඳහා ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ. මෙවැනි සාකච්ඡා සහ එකඟතා රාජ්‍ය නායකයන් සහ පළාත් පාලකයන් අතර තිබියදී එයට වැදගත්කමක් නොදී උතුරේ නැවැත පදිංචිය සඳහා කාර්‍ය බළකායක් පිහිටුවා තිබේ. එය හැර උතුරු පළාතේ දෙමළ දේශපාලන නායකය් ද ඇතුලත් නොකර පිහිටුවා ඇති එම කාර්‍ය බළකාය කෙරෙහි සැකයක් ඇතිවීම ද වලක්වා ගත නොහැක.

උතුරු පළාත් සභාවෙන් පළාත් සභා ලේකම් මෙම කාර්‍ය බළකායට ඇතුලත් කර තිබේ. එලෙස උතුරු පළාත් සභා ලේකම්ව පමණක් එයට ඇතුලත් කර තිබීම පමණක් සුදුසු කටයුත්තක් ලෙස හැඳින්විය නොහැක. නැවත පදිංචිය හා එයට සම්බන්‍ධ සෙසු කටයුතුවල දේශපාලනික ජන වාර්ගික වෙනසකට විවිද ක්‍රියාකාරකම් දැක්නට ඇති අවස්ථාවක රාජ්‍ය නිළධාරීන්ට එය කෙතරම් දුරට විරුද්ධත්වය පළ කල හැකි දැයි ප්‍රශ්ණයක් පැන නැගී. එහිදී රාජ්‍ය නිළධාරීන්ට රජයට අනුක්තව සිදුකරන කටයුත්තකට විරුද්ධත්වය පළ කිරීමට නොහැකි බව පසුගිය කාලයේ අත්දැකීමකි. එයට නීතිමය වශයෙන් හා එයට පටහැනි හේතු කාරණා ද තිබේ.

එය හැර, දැන් මහාවැලි ජලය උතුරට ගෙන ඒමේදී ඒ සමඟම සැලසුම් සහගත ලෙස සිංහල ජනාවාස මහාවැලි අධිකාරිය විසින් සිදු නොකළ යුතු යැයි ඉල්ලා තිබේ. ඒ ගැන සහතිකයක් අවශ්‍ය බව උතුරු පළාත් සභාව විසින් ඉල්ලා තිබේ. මේ සම්බන්‍ධයෙන් රජයක් වශයෙන් පිළිතුරක් ලබාදිය යුතුය. සංහිදියාව සඳහා වූ කාල වකවානුව හෙයින් වත්මන් රජය මෙවැනි ප්‍රශ්ණවලට සහතිකයක් ලබාදුන් නමුත් පසු කලකදී පාලනයට එන පිරිස විසින් එම සහතිකය පිළිනොගත් විටකදී එය තවඳුරටත් දෙමළ ජනතාව රැවටීමේ කටයුත්තක් විය හැක.

පසුගිය කාලයේ මහාවැලි අධිකාරිය හරහා දෙමළ ප්‍රදේශවල සිදු කළ සැලසුම් සහගත සිංහල පදිංචිය පිළිබඳ අමිහිරි අත්දැකීම් හා වේදනාව දෙමළ නායකයන්ට හා ජනතාවට මෙලෙස සැක කිරීමටට හේතුවක් වී ඇත. පළාත් දෙකක් අතර වාරිමාර්ග සංවර්ධන කටයුතු සිදුකරන විට අධිකාරිය හරහා මධ්‍යම රජයට එම ප්‍රදේශවල වාරිමාර්ග සහ පදිංචි කිරීමේ බලය හිමිවේ.

මෙම මූලිකත්වය යටතේ පසුගිය කාලයේදී සිංහල ජනවාස රැසක් ඉදිකර තිබේ. දැනටත් එවැනි අනතුරුදායක තත්වයක් ඇති විය හැකි ද යන සැකයක් සියළු දෙනා අතර පවතියි. මෙම සැකය හා බලාපොරොත්තුව හුදෙක් පසකට දැමිය නොහැක. මෙය දෙමළ ජනතාව අත්දැකීමෙන් දැකගත් පීඩාවන්ය.

වත්මන් රජය සංහිඳියාව ගැන කථා කළ නමුත් පසුගිය කාලයේ පවත්වාගෙන ගිය සැලසුම් සහගත සිංහල පදිංචි කිරීම් ගැන ද දැනට සිදුකරමින් සිටින ආක්‍රමණය ගැන ද සාධාරණීය කටයුත්තක් ක්‍රියාත්මක කර නැත. දැනටත් උතුරේ සිදුකරන සිංහලීකරණයේ වැඩ කටයුතු රැසක් නිහඞව පවතියි. එය හැර පසුගිය රජය විසින් සිදුකළ සිංහල පදිංචි කිරීම් වත්මන් රජය පැමිණීමෙන් පසු ශක්තිමත් වී ඇත.

පසුගිය මාර්තු මසදී ද කොක්කුතුඩුවායි ප්‍රදේශයේ සිංහල පවුල් 25ක් පදිංචි කරවීම සඳහා දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත්කර ගැනීමට උත්සහ කර තිබුණි. ප්‍රදේශවාසීන්ගේ විරෝධතා හමුවේ එම කටයුත්ත අතහැර තිබුණි. මෙලෙස අත්පත්කර ගැනීමට තැත්කළ ඉඩම්වල අයිතිකරුවන් දැනට ඉන්දියාවේ අවතැන්වූවන් ලෙස රැඳී සිටිති. ඔවුන්ව යළි දිවයිනට ගෙන්වීමට වඩා උනන්දුවක් ඔවුන්ගේ ඉඩම් අත්පත් කරගැනීමේදී හා එහි සිංහල ජනතාව පදිංචි කිරීම නැතිනම් හමුදා කඳවුරු ඉදිකිරීමට ලබාදීම පිළිගත නොහැක.

කොක්කුලායි ප්‍රදේශයේ තානායම ඉදිකිරීමේදී දෙපිරිස අතර අර්බුදකාරි තත්වයක් පවතියි. දෙමළ ජනතාවට අයත් ඉඩම්වලින් ඔවුන්ව පලවා හැරීමට සිංහල ධීවරයන් උත්සහ කරමින් සිටියි. එම උත්සහයට පොලීසිය හා බෞද්ධ හිමිවරයකුද ගෙනවිත් දෙමළ ධීවරයන්ව තර්ජනය කළැයි පැමිණිළි ද තිබේ. මෙවැනි සිද්ධින් නිසා අපි යහපත් සංහිඳියාවකට ළඟා වෙන්නෙමු ද යන සැකයක් ඇතිවේ.

දෙමළ ගම්මාන පසුගිය කාලයේ පමණක් නොව මෑතකදී පවා සිංහග ගම්මාන බවට පත්කර තිබේ. වවුනියාව දිස්ත්‍රික්කයේ කොක්කච්චාන් වැව නැමැති දෙමළ ගම්මානය පසුගිය වසර දෙකකට පෙර සිංහල ගම්මානයක් ලෙස පත්කර ඇත. 1980 වසරවලදී එම ප්‍රදේශයේ සම්පූර්ණයෙන් ජීවත්වුනේ දෙමළ ජනතාවය.

මෙලෙස ගම්මාන රැසක නම් සිංහලීකරණයට පත්ව තිබේ. පදිවිල් කුලම් – පදවියාකුලම, මුදලික්කුලම් – මෙරාවැව, පෙරියකුලම් – නාමල්වත්ත, පට්ටිපලයි – ගල්ලෝයා, පුඩවයිකට්ටු – සාගරපුර, අම්බාල් ඒරි – අම්පාර, මනලාරු – වැලිඕයා, කුමරක්කඩවයි – කෝමරන්කඩවල, පෙරිය විලාන්කුලම් -මහා දිවුල්වැව, පනික්කට්ටි මුරිප්පු – පනික්කට්ටියා වැව යැයි නම් වෙනස්කර තිබේ. මෙය හැර ද උදාහරණ රැසක් ඇත.

මෑතකදී කලිෆෝනියාවේ ඔක්ලන් සමීක්ෂණ ආයතනය විසින් ‘යුද්දයේ දීර්ඝ සෙවනැල්ල‘ නමින් සමීක්ෂණයක් පවත්වා තිබුණි. එම අවස්ථාවට අදහස් ප්‍රකාශ කළ උතුරු පළාත් මහ ඇමැති සි.වි. විග්නේෂ්වරන් මහතා, 13වැනි සංශෝධනය මඟින් ලැබුණු ඉතා අඩු බලතල පවා මහාවැනි අධිකාරිය උල්ලංඝණය කරන අතර අපගේ ඉඩම්වල බලය ද එය අත්පත්කර ගන්නා බව පවසා සිටියේය.

දකුණේ සිට සිංහල ජනතාව උතුරේ පදිංචි කිරීමේදී තිබෙන වැරද්ද කුමක් ද? යැයි ප්‍රශ්ණ කරති. සිංහලිකරණයට අනුබල දෙන බලවේග එලෙස ප්‍රශ්ණ කරති. පසුගිය මැයි මස පනාගොඩ හමුදා කඳවුරේ පැවැති උත්සවයකදී අමාත්‍ය චම්පික රණවක මහතා උතුරේ සිංහල ජතාවට ජීවත්වීමට, අධ්‍යාපනය ලැබීමට, විහාරස්ථාන ඉදිකිරීමට නොහැකි නම් ලබාගත් නිදහසේ ප්‍රයෝජනයක් නැති බවට අසා සිටින්නන්ව උසිගන්වන අයුරින් පවසා තිබුණි. ජාතික හෙළ උරුමය ඇතුළු අනෙකුත් දේශපාලන පක්‍ෂෙ පැහැදිළි වටහීමකින් තොරව නැතිනම් යටි අරමුණකින් යුතුව සංහිඳියාව ගැන කථා කරන ඇතමුන් මෙවැනි ප්‍රශ්ණයක් අසා සිටින්නේ කුමක් නිසා ?

මෙවැනි ප්‍රශ්ණ ඉදිරිපත් කරන බොහෝ දෙනෙකු දකුණේ දෙමළ ජනතාවට ජීවත්වීම, එහි කෝවිල් ඉදිකිරීම හා උතුරේ සිංහල ජනතාව පදිංචි කිරීමේ වැඩපිළිවල අතර තිබෙන වෙනස නිසිලෙස වටහා ගන්නේ නැහැ, නැතිනම් වටහාගත් නමුත් සිය ජාතිවාදී යහපත උදෙසා එය වසන් කරමින් සිටියි.

ඇත්තෙන්ම උතුර නැගෙනහිරට පිටත දෙමළ ජනතාවගේ පැවැත්මට උතුරේ දෙමළ ජනතාවගේ පැවැත්මට කිසිඳු සම්බන්‍ධයක් නැත. එය වෙනස්වු කාරණා දෙකකි. උතුරේ රජයෙහි නැතිනම් හමුදාවේ සහාය ඇතිව ජන වාර්ගික වෙනසක් ඇති කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වේ. ඒ සඳහා සිංහල ජනතාව ගෙනවිත් ඔවුන්ට සියළු පහසුකම් හා වරප්‍රසාද ලබාදී පදිංචි කරයි. නමුත් දකුණට දෙමළ ජනතාව එවැනි පසුබිමකින් ගියේ නැහැ.

උතුරට පිටත දෙමළ ජනතාව ආර්ථික වශයෙන් වෙළඳපොල නියාමයට අනුව දේපළ මිළදී ගෙන එහි ගොස් ජීවත්වෙති. දෙමළ ජනතාවට පරම්පරා ගණනාවක් ජීවත්වූ සිය ප්‍රදේශයන් අහිමිවීම හැර ඔවුන් සිංහල ප්‍රදේශයන් ආක්‍රමණය කිරීමට හෝ දෙමලකරණය කිරීමට හෝ තැත්කර නැත.

මූලිකව අදටත් ජාතීන් අතර ප්‍රශ්ණ කිහිපයක් තිබේ. එම ප්‍රශ්ණවල මූලික හේතු කාරණා මෙතෙක් විසඳා නැත. මෙවැනි තත්වයකදී සිංහල ජනතාවගේ නැවත පදිංචිය සම්බන්‍ධයෙන් රජය යටි අරමුණකින් තොර පැහැදිළි භාවයක් පෙන්වීමට අවශ්‍ය වී තිබේ.

මෙය සංහිදියාව කෙරෙහි පවතින සැකය තුරන් කිරීමට හා දෙමළ ජනතාව අතර පවතින සිංහල පදිංචි කිරීම් සම්බන්‍ධ භීතිය තුරන් කිරීමේ මාර්ගයකි.

– නිරුපා ගුණසේකරලිංගම්
– පරිවර්ථනය – ජස්මින්
– ග්ලෝබල් දෙමළ පුවත් –