රිය අනතුරුවලින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට

තංගල්ල පල්ලිකුඩාව ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් දැරියක ජීවිත්ක්ෂයට පත්ව තිබේ. ත්‍රීරෝද රථයක් සහ වාහන පටවාගෙන යන ලොරි රථයක් එකිකෙ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. අනතුරින් ත්‍රී රෝද රථයේ රියදුරු, ඔහුගේ බිරිඳ සහ දරුවන් හතර දෙනෙකු බරපතල තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව 12 හැවිරිදි දැරිය ජීවිතික්ෂයටය පත්වූ බව වාර්තාවේ.

මේ අතර වත්තේගම ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ත්‍රී රෝද රථයක වේගය පාලනය කර ගත නොහැකිව එය මාර්ගයෙන් ඉවතට ගොස් බෝක්කුවක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව වාර්තාවේ. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ත්‍රී රෝද රථ රියදුරු සහ පසුපස ගමන් කළ පුද්ගලයාව වත්තේගම රෝහලට ඇතුලත් කරන අතරතුර එක් පුද්ගලයකු ජීව්තක්ෂයට පත්වූ බව ද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top