හම්බන්තොට වරායේ තෙල් ටැංකි සංකීර්ණය විකිණීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ නම් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇති බව එහි කැඳවුම්කරු ඩී. ඡේ. රාජකරුණා මහතා පැවසයි.
ආණ්ඩුව ඉදිරි දින කිහිපය ඇතුළත හම්බන්තොට වරාය චීනයට පැවරීමේ ගිවිසුම අත්සන් කිරීමට නියමිත බව පවසන ඒ මහතා සඳහන් කරන්නේ එම ගිවිසුම යටතේ තෙල් ටැංකි සංකීර්ණය චීනයට පැවරීම සඳහා ගිවිසුම් අත්සන් කළහොත් එම අවස්ථාවේ සිටම වැඩවර්ජනයක් ආරම්භ කරන බවයි.
මේ වනවිට අගමැතිවරයා සමග සාකච්ඡාවක් සිදුකලද නිසි විසඳුම් නොලැබුන බවත් එළඹෙන සතියේදී ජනාධිපතිවරයා සමගද සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා ඇති බවත් එම සාකච්ඡාවෙන්ද නිසි විසඳුම් නොලැබුනහොත් වෘත්තීය ක්රියාමාර්ගවලට එළැඹෙන බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.
Add Comment