පේරු රාජ්‍යයේ හිටපු ජනපති සහ ඔහුගේ බිරිද අත්අඩංගුවට

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා සහ ඔහුගේ බිරිද අත්අඩංගුවට ගන්නා ලෙස එරට අධිකරණයක් නියෝග කර ඇත.

මුදල් විශුද්ධිකරණය සහ අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මෙලෙස ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබේ. 2011 වසරේ මැතිවරණ ව්‍යාපාරය සදහා හිටපු ජනාධිපතිවරයා මුදල් වියදම් කළ ආකාරය සම්බන්ධයෙන් ද ගැටලු පවතින බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

කෙසේ වෙතත් එම පරීක්ෂණ පැවැත්වෙන තුරු මාස 18ක කාලයක් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කළේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top