අවසන් යුද්දය පැවැති මුල්ලතීව්හි ගම්මානවලට බස් සේවාවන් වැඩි කළ යුතුයි – ජනතාව

මුල්ලතිව් දිස්ත්‍රික්කයේ පිහිටි ගම්මානවලට බස් සේවය වැඩි කළ යුතු යැයි ගම්මාන රැසක ජනතාව ඉල්ලා තිබේ.

අවසන් යුද්දය පැවැති මාත්තලන්, අම්බලවන්පොක්කනයි, වලයිචර්මඩම්, කුමුලමුනයි, මුත්තයන්කට්ටු, මාන්දයි නැගෙනහිර, තුනුක්කායි යන ප්‍රදේශවලට බස් සේවාව නොමැතිවීම හේතුවෙන් අදාළ ප්‍රදේශවල ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටිති.

මුල්ලතිව් දිස්ත්‍රික්කයේ වැඩි පවුල් සංඛ්‍යාවක් ජීවත් වන කුමුලමුනයි, මුන්දයන්කට්ටු යන ප්‍රදේශවලට බස් සේවය ක්‍රියාත්මක වන නමුත් එය තවත් වැඩි කළ යුතු යැයි එම ප්‍රදේශවල ජනතාව ඉල්ලා සිටිති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top