ජනපතිට හා අගමැතිට සිතාසි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස. කොළඹ මහාධිකරණය විසින් යළි සිතාසි නිකුත් කර තිබේ.

කූට ලේඛණ සකස් කිරීමේ චෝදනාව මත හිටපු එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව විභාගවන නඩුවේ සාක්ෂිකරුවන් වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය අද (17) මෙලෙස යලි සිතාසි නිකුත්කර තිබේ.

අදාළ නඩුව ලබන දෙසැම්බර් මස 04 වැනිදා සිට 12 වැනිදා තෙක් පැවැත්වීමට නියමිතව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top