ශ්‍රී ලංකාවේ ඇමරිකානු ආරක්‍ෂක උපදේශක නාවික හමුදාපති හමුවෙයි..

ශී‍්‍ර ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක වශයෙන් කටයුතු කර එම ධූරයෙන් විශ්‍රාම යාමට නියමිත කර්නල් රොබට් නොක්ස් රෝස් මහතා අද (17) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.

නාවික හමුදාධිපතිතුමන් විසින්, එතුමන් රාජකාරී කාල සීමාව තුළ නාවික හමුදාවට දක්වන ලද සහයෝගය පිළිබඳව සිය හෘදයාංගම ස්තුතිය පුද කර තිබේ.

ධූරයෙන් විශ්‍රාම යාමට නියමිත කර්නල් රෝස් මහතා වෙත එතුමා සුභ පැතුම් එක් කළ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top