උසස් අධ්‍යාපනය පුළුල් කිරීම හා සංවර්ධනය කිරීම සඳහා ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 100 ක ණය පහසුකම් ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතිය උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යාංශය හරහා 2017-2022 කාල සීමාව තුළදී ක්‍රියාත්මක වීමට නියමිත අතර, මේ සම්බන්ධයෙන් වන ගිවිසුම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ආචාර්ය. ආර්.එච්.එස්.සමරතුංග මහතා ද ලෝක බැංකුව වෙනුවෙන් ශ්‍රි ලංකාව හා මාල දිවයින සඳහා වන අධ්‍යක්ෂ, Idah Z. Pswarayi – Riddihough මහත්මිය ද අත්සන් තබා ඇත.
Add Comment