SRILANKAN NEWS

නියඟයෙන් පීඩාවට පත් වව්නියාව ජනතාවට සහන ලබාදීමට පියවර

උතුරේ පවතින නියඟය හේතුවෙන් ජල හිඟයෙන් පීඩා විඳින වව්නියාව ප්‍රදේශයේ ජනතාවට කඩිනම් සහන ලබාදීමට පියවර ගෙන ඇති බව වාර්තාවේ.

වව්නියාව ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් 102ක ජනතාව දැඩි ජල හිඟයකට මුහුණ දෙමින් සිටින අතර, දෛනික කටයුතු සඳහා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති.

ජල හිඟය හේතුවෙන් ප්‍රදේශයේ වගාබිම් රැසක් විනාශ වී ගොස් තිබේ. වව්නියාව දිස්ත්‍රික් ලේකම් එම් බී ආර් පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළේ මේ වන විටත් ප්‍රදේශයේ පානීය ජල ගැටලුව විසඳීමට පියවර ගෙන ඇති බවයි.