SRILANKAN NEWS

ගම්මිරිස් සඳහා සහතික මිලක් ලබාදීම රජය එකඟවෙයි..

පසුගිය දිනවල ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ මූලිකත්වයෙන් ගම්මිරිස් ගොවීන් විරෝධතා කළ අතර, එම ඉල්ලීම් සම්බන්‍ධයෙන් ඊයේ (17) දින ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා සමඟ සාකච්ඡාවක් පවත්වා තිබුණි.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගම්මිරිස් ගොවීන්ද සාකච්ඡාවට සහභාගිවූහ.

එහිදී ගම්මිරිස කිලෝවක් සඳහා රුපියල් 900ක සහතික මිලක් නියම කිරීමට සහ ගම්මිරිස් මිලදී ගැනීම සඳහා ගම්මිරිස් බොගය වගාකරන ප්‍රදේශවල රජයේ මධ්‍යස්තාන ඇති කිරීමටද අමාත්‍යවරයා එකඟවූ බව වාර්තාවේ.