ටෙනිස්වරන් වෙනුවට පළාත් අමාත්‍යවරයා ලෙස වින්දන්ව පත්කිරීමට ටෙලෝ පක්‍ෂය තීරණය කරයි..

උතුරු පළාත් සභාවේ ටෙලෝ පක්‍ෂයට ලබාදී ඇති අමාත්‍යංශ එම පක්‍ෂයේ වින්දන් නැමැත්තාට ලබාදීම සඳහා වූ නිල ප්‍රකාශය ටෙලෝ පක්‍ෂ ලේකම් එන්. ශ්‍රිකාන්දා විසින් මහ ඇමැතිවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රීකාන්දා විසින් අද (18) දින මහ ඇමැතිවරයා වෙත යවන ලද ලිපියෙහි ටෙලෝ පක්‍ෂයේ නිළ ස්ථාවරය සඳහන් කර තිබේ.

මීට පෙර ටෙලෝ පක්‍ෂ නියෝජනය කරමින් පී. ටෙනිස්වරන් උතුරු පළාත් ප්‍රවාහන කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කළේය. උතුරු පළාත් මහ ඇමැතිවරයා විසින් සිදුකළ ඇමැතිවරුන්ගේ වංචා දූෂණ පරීක්‍ෂණයදී ටෙනිස්වරන්ට එරෙහිව ද චෝදනා එල්ලවී තිබීමත් සමඟ ඔහුව ධූරයෙන් ඉවත් කිරීම ගැන ටෙලෝ පක්‍ෂය පසුගිය දා සිය ස්ථාවරය ප්‍රකාශ කර ද තිබුණි. ඒ අනුව පී. ටෙනිස්වරන්ව ඔහුගේ ධූරයෙන් ඉවත් කිරීමටත් එම ධූරයට සිය පක්‍ෂය නියෝජනය කරමින් වින්දන් කනකරත්නම්ව පත්කිරීමට පක්‍ෂය විසින් තීරණය කර ඇති බව ද සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top