පාර්ලිමෙන්තු මන්ත්‍රී ශ්‍රීදරන්ට එරෙහිව විරෝධතාවක්

පාර්ලිමෙන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතාගේ ප්‍රදේශවාදී ප්‍රකාශ හෙලදැක අද (19) දින කිලිනොච්චියදී විරෝධතාවක් පැවැත්වුණි. අද පෙරවරු 10ට කිලිනොච්චිය ඩිපෝ හංදියේ පැවැති එම විරෝධතාවය සමාජ සාධාරණත්වය හා සමානතාවය පිළිබඳ ජනතා ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබුණි.

එහිදී අදහස් ප්‍රකාශ කළ හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්. චන්ද්‍රකුමාර් පවසා සිටියේ, ජනතාව විසින් තේරී පත්වූ නියෝජිතවරයෙකු මෙලෙස සමාජයේ ජන කොටසක් පහත් කර කතා කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බවය.

මෙලෙස අසමානතාවකින් සමාජය දැකින පුද්ගලයෙකු සමාජයන් අතර සමගියෙන් කටයුතු කරනු ඇතැයි කිසිවෙකුට විශ්වාස තැබිය නොහැක. එමෙන් මෙම අවස්ථාවේ සමාජ සාධාරණත්වය හා විමුක්තිය අපේක්‍ෂා කරන සියළු දෙනාම ශ්‍රීදරන් මන්ත්‍රීවරයාගේ ඉකුත් ක්‍රියාකලාපය දැඩි ලෙස හෙලාදැකින බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top