SRILANKAN NEWS

රොෂාන් රණසිංහ ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්වෙයි..

ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන කටයුතුවලින් තමන් තාවකාලිකව ඉවත්වන බව පොළොන්නරු දිස්ත්‍රීක් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.

ඒ අනුව ඉදිරි දිනවල ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් තමා මුල් වී සංවිධානය කරන ලද රැස්වීම්, වැඩසටහන් සියල්ල අවලංගු කළ බවත්, කෙසේ නමුත් තම දේශපාලන ප්‍රතිපත්තිය කිසිසේත්ම වෙනස් නොවන බව ද මන්ත්‍රීවරයා විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් කර තිබේ.