ඩ්‍රෝන යානා භාවිතාව සඳහා නව නීති ළගදීම..

රූගත කිරීම් සඳහා ගුවන්ගත කරන සෑම ඩ්‍රෝන යානාවක්‌ම සහ ඒවා ක්‍රියාත්මක කරන්නන්ද සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි වීම අනිවාර්ය කෙරෙන නීති හා රෙගුලාසි ඉදිරියේදී පාර්ලිමේන්තුවට පනතක්‌ මගින් ඉදිරිපත් කිරීමට තීරණය කර බවද ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීම පිළිබඳ නීති පද්ධතියක්‌ සැකසීම සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පැවැත්වූ වැඩමුළුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

ඇතැම් පිරිස්‌ ඩ්‍රෝන කැමරා අවභාවිත කරමින් අනවශ්‍ය දර්ශන රූගත කරන බවද පෞද්ගලික දේපළ හා නිවාස, ආසන්නයේ වීඩියෝ දර්ශන පවා ලබාගන්නා බවට පැමිණිලි රැසක්‌ ලැබී ඇතැයිද ඇමැතිවරයා පවසා තිබේ.

එනිසා ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචිය හා අවසරය පමණක්‌ නොව ඊට අමතරව ආරක්‍ෂක අමාත්‍යාංශයේද අදාළ ප්‍රදේශයේ සංස්‌කෘතික, පුරාවිද්‍යා, වාරිමාර්ග හා බලශක්‌ති අධිකාරිවලද, පොලිස්‌ ස්‌ථානයේද අවසරය ලබාගැනීම සඳහා නීති සකසිය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top