SRILANKAN NEWS

මෙම වසර අවසන් වීමට ප්‍රථම GSP+ ලංකාවට – රජය

nroshan-perera-නිරෝෂන්මෙම වසර අවසන් වීමට ප්‍රථම GSP+ තීරුබදු සහනය ශ්‍රී ලංකාවට හිමිවනු ඇති බව රජය පවසයි.

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා GSP+ තීරුබදු සහනය ලබා ගැනීම සම්බන්‍ධයෙන් යුරෝපා සංගමයේ නියෝජිතයින් සමඟ සාකච්ඡා කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසා තිබේ.

වසර හතක කාලයක් ශ්‍රී ලංකාවට අහිමිව තිබූ GSP+ ඇඟලුම් බදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබා ගැනීම පිළිබඳව නව රජය යටතේ යුරෝපා සංගමය සමඟ සාකච්ඡා ගණනාවක් පවත්වා ඇති බවත්, මෙරටට පනවා තිබු මත්ස්‍ය තහනම ඉවත්කර ගැනීමට රජයට හැකි වුවා සේම ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය ද ලබා ගත හැකි වනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

මානව හිමිකම් හේතු මත ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයෙන් ලබාදුන් ජී.එස්.පී. ප්ලස් සහනය 2009 වසරේ සිට අහෝසි කර තිබුණි.

– Global Tamil News : Sinhala