මගීන්ට හිරිහැරයක් වන පරිදි අධික ශබ්දයෙන් රේඩියෝ භාවිතා කිරිම ගැන නීතිමය ක්‍රියාමාර්ගයක්

Image result for sound disturbanceමගීන්ට හිරිහැර වන ආකාරයට අධික ශබ්දයෙන් යුතුව බස් රථ තුළ රේඩියෝ යන්ත්‍ර භාවිතා කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරිය අවධාරණය කර සිටියි.

මෙසේ අධික ශබ්දයෙන් යුතුව බස් රථ තුළ රේඩියෝ යන්ත්‍ර භාවිතා කරන බස් රථ සේවකයින් සම්බන්ධයෙන් පැමිණීලි විශාල ප්‍රමාණයක් ලැබෙන බවත් එවැනි පැමිණිලි දුරකථන අංක 011 5559595 යන දුරකථනය අමතා දැනුම් දිය හැකි බවද බස්‌නාහිර පළාත් මාර්ගස්‌ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසා සිටියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top