අගුණකොළපැලැස්සේ අත්බෝම්බ ප්‍රහාරයක් – 17ක් තුවාලයි

අඟුණකොලපැලැස්ස වැටියහංදිය ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තාවේ. සිද්ධියෙන් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලැබූ අතර 14 දෙනෙකු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

අත්බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ සැකකරු මේ වනවිට හඳුනාගෙන ඇති බවත්, ඔහු අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

තරුණයින් දෙපිරිසක් අතර ආරවුලක් දුරදිග යාමෙන් අත්බෝම්බ ප්‍රහාරය එල්ලකර ඇති බවත්, හමුදාවෙන් පැන ආ සෙබලෙකු මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ලකර ඇති බව දැනට සිදුකර ඇති පොලිස් පරීක්ෂණවලින් හෙළිව ඇති බව වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top