රිය අනතුරුවලින් තිදෙනෙකු ජීවිතක්‍ෂයට

ප්‍රදේශ කිහිපයක සිදුවූ අනතුරුවලින් තිදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ. පිටකෝට්ටේ හංදිය අසලදී යතුරුපැදියක් කැලිකසල ප්‍රවාහනය කරන ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කරගම්පිටිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අඹේපුස්ස, ත්‍රිකුණාමලය මාර්ගයේ කිලෝමීටර් 152න් හතර කණුව අසලදී පදිකයෙකු වාහනයක ගැටීමෙන් සිඳුවූ අනතුරකින් බරපතල තුවාල ලැබූ ඔහු කන්තරලේ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

මේ අතර, බිංගිරිය, දළුපොත, අකරවත්ත අතුරුමාර්ගයේ කජුවත්ත ප්‍රදේශයේදී යතුරුපැදියක වේගය පාලනය කරගත නොහැකිව එය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ විදුලි රැහැන් කණුවක ගැටීමෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරුව බිංගිරිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිත්‍ෂයට පත්ව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top