මෙරට මුහුදු සීමාව තුළ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් අට දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පේදුරුතුඩුවට නාවික සැතපුම් 15 ක් පමණ උතුරින් වූ මුහුදු ප්‍රදේශයේදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු සහ ඔවුන් පැමිණි ටෝලර් යාත්‍රාව නාවික හමුදාව බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්, ධීවර යාත්‍රාව සහ අනෙකුත් ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂක වෙත භාරදීමට නියමිත ය.