වව්නියාව මඩුකන්ද ප්‍රදේශයේ වනාන්තර රැසක් ගින්නෙන් විනාශයට

වව්නියාව මඩුකන්ද ප්‍රදේශයේ වනාන්තර රැසක් විනාශවී තිබේ. ඇතැම් පිරිස් සතුන් දඩයම් කිරීම සඳහා වනාන්තරවලට ගිනි තැබීම හේතුවෙන් මෙලෙස වනාන්තරය විනාශයට පත්වී ඇති බව ප්‍රදේශවාසීන් පවසති.

පවතින වියළි කාලගුණය හේතුවෙන් එවැනි ගිනි තැබීම් වේගයෙන් පැතිරයන අතර මේ වනවිටත් විශාල විනාශයක් සිදුව ඇති බව වාර්තාවේ. ගින්නෙන් සතුන් විශාල ප්‍රමාණයක් මියගොස් ඇති අතර, ස්වභාවික පරිසර පද්ධතියට ද දැඩි බලපෑම් එල්ල වී ඇති බව ද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top