යාපනයේ සිඳුවූ වෙඩි තැබීම ඉලන්චෙලියන්ව ඉලක්ක කර සිඳුකළ වෙඩි තැබීමක් නොවේ!

යාපනය නල්ලූර් මාර්ගයේ අද (22) දින සවස වෙඩි තැබීමක් සිඳුවුණි. මාර්ගයේ ගමන් කරමින් සිටි තරුණයෙකුට නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඇති බව වාර්තාවේ. එම අවස්ථාවේ යාපනය මහධිකරණ විනිසුරු ඉලන්චෙලියන් මහතා තම පවුලේ සාමාජිකයන් සමඟ එම මාර්ගයෙන් ගමන් කරමින් සිටි බවත්, සිද්ධිය සිඳුවූ අවස්ථාවේ විනිසුරුවරයාගේ ආරක්‍ෂකයා වාහනයෙන් බැස වෙඩි තැබූ පුද්ගලයාව අල්ලා ගැනීමට තැත්කල විට සිඳුවූ වෙඩි තැබීමකින් ආරක්‍ෂක නිළධාරියා තුවාල ලබා ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.

මේ අතර, වෙඩි තැබූ පුද්ගලයා ආරක්‍ෂක නිළධාරියාගෙන් බේරී එම මාර්ගයෙන් පැමිණි යතුරු පැදියක් උඳුරාගෙන පලා ගොස් තිබේ. වෙඩි තැබූ පිස්තෝලය ද දමා ගොස් තිබේ. සිද්ධිය ස්ථානයට පැමිණි පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු ආරම්භ කර තිබේ.

මේ අතර, මෙම වෙඩි තැබීම විනිසුරු ඉලන්චෙලියන්ව ඉලක්ක කර සිඳුකළ වෙඩි තැබීමක් නොවන බවත්, මාර්ගයේ ගමන් කළ තරුණයෙකුව ඉලක්ක කර සිඳුකළ වෙඩි තැබීමක් බවද අනාවරණයවේ.

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top