කිලිනොච්චියේ නියඟය හේතුවෙන් පවුල් 24දාහක් පීඩාවට

මේ දිනවල පවතින දැඩි නියඟ තත්වය හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 24දාහකට අයත් 83 දාහක් පීඩාවට පත්ව ඇති බව කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලය සඳහන් කරයි.

අද (22) දින කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේ පැවැති නියඟ තත්වය සම්බන්‍ධ විශේෂ රැස්වීමේදී මේ බව සඳහන් කර තිබේ.

මේ අතර, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේදී නියඟය හේතුවෙන් මෙතෙක් සතුන් දැඩිව පීඩාවට පත්ව නොමැති බවත්, කෙසේ නමුත් මෙම තත්වය දිගටම පවතින්නේ නම් සතුන් පමණක් නොව ජනතාවට ද ජලය ලබා ගැනීමට නොහැකි තත්වයක් ඇති විය හැකි බවට පෙන්වාදි තිබේ.

තවද කිලිනොච්චිය පුදුමුරිප්පු සහ වන්නේරි වැව් හැර සෙසු වැව්වල ජල මට්ටම විශාල ලෙස අඩුවී ඇති බව වාරිමාර්ග දෙපාර්තුමෙන්තුව විසින් පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top