අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරියට එම තනතුරින් ඉල්ලා අස්වීමට හේතුව කුමක්දැයි එතුමියගෙන් ඇසිය යුතු බව මහමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.
ශ්‍රීලනිප මූලස්ථානයේදී අද පැවැති මාධ්‍ය හමුවකදී මේ සම්බන්‍ධයෙන් මාධ්‍යවේදියෙකු කළ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.
මෑතකදී ජනාධිපතිවරයා විසින් සිදුකළ ප්‍රකාශය දිල්රුක්‍ෂි ඩයස් මහත්මිය සිය තනතුරින් ඉල්ලා අස්වීමට හේතුවක් විය නොහැකි බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිවකුවට සෘජුවම චෝදනා කර නොමැති බවත්, එමෙන් දිල්රුක්‍ෂි ඩයස් මහත්මිය සිය තනතුරින් ඉල්ලා අස්වීමට හේතුව කුමක්දැයි එතුමියගෙන් ඇසිය යුතු යැයි හෙතෙම පවසා සිටියේය.
තොප්පිය හරිනම් එය දාගත හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.
– Global Tamil News : Sinhala
Add Comment