යාපනය මහාධිකරණ විනිසුරු ඉලක්ක කර සිඳුකළ ප්‍රහාරය උතුරු පළාත් සභාව හෙළාදකී

ඊයේ (22) දින නල්ලූර් ප්‍රදේශයේදී යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතාව ඉලක්ක කර සිදුකළ ප්‍රහාරය උතුරු පළාත් සභාව දැඩි ලෙස හෙළා දකියි. තවද විනිසුරුවරයාගේ ජීවිතය බේරා ගැනීමට උත්සහ කළ ඔහුගේ ආරක්‍ෂයාට එල්ලවූ වෙඩි තැබීමකින් ඔහු ජීවිතක්‍ෂයට පත්වුණි. තවත් නිළධාරියෙකු තුවාල ලබා ඇත. මෙම සිද්ධිය උතුරු පළාත් සභාව දැඩි ලෙස හෙළා දකින බව සඳහන් කරන්නෙමු.

සිද්ධියෙන් මිය ගිය ආරක්‍ෂක නිළධාරියාට සහ ඔහුගේ පවුලේ ඥාතීන්ට අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන්නෙමු. විනිසුරුවරයා ඉලක්ක කර සිඳුකළ මෙම ප්‍රහාරය රටේ අධිකරණයට එල්ලවූ ප්‍රහාරයක් ලෙස බැලිය යුතුයි.

මෙම සිද්ධියට සම්බන්‍ධ අපරාධකරුවන් සියළු දෙනාවම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි ඉල්ලා සිටින්නෙමු යැයි උතුරු පළාත් සභා සභාපති සී.වී.කේ. සිවඥානම් මහතා විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top