අද මධ්‍යම රාත්‍රීයේ සිට ඛණිජ තෙල් වෘත්තිය සමිතිය වර්ජනයක

ඛණිජ තෙල් වෘත්තිය සමිතිය අද (24) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ. තමන් විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් කිහිපයකට සාධාරණ විසඳුමක් නොලැබීම හේතුවෙන් මෙලෙස වර්ජනය කිරීමට තීරණය කළ බව ඔවුන් සඳහන් කරයි.

තෙල් ටැංකි විකිණීම නවතා දමන්නැයි කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත්, හෙට දින තෙල් බෙදා හැරීම සිදු නොකරන අතර, හෙට දිනය තුළ යහපත් විසඳුමක් නොලැබුණේ නම් ඉදිරියේදී තෙල් ගොඩ බෑමද නවතා දමන බව ඛණිජ තෙල් වෘත්තිය සමිතිය වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (25) උදෑසන 8.00 සිට පැය 24 ක වැඩ වර්ජනයක් සිදු කිරීමට තීරණය කර ඇති බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top