විපක්ෂ නායක සම්බන්ධන් මහතාව ඝාතනය කිරීමට ඇතම් පිරිසක් සැලසුම් කර ඇති බවට බම්බලපිටියේ පදිංචි පුද්ගලයකු තමන් තොරතුරු ලබාදුන් බව උතුරු පළාත් මහ ඇමැති සි.වි. විග්නේෂ්වරන් මහතා ඉංග්රීසි පුවත්පතකට පවසා තිබේ.
එහිදී වැඩිදුරටත් පවසා තිබෙන්නේ…
තමන්ට සැප්තැම්බර් මස බම්බලපිටියේ පදිංචි සිංහල ජාතික පුද්ගලයකුගෙන් ඊමේලයක් ලැබුණු බවත්, ඉන්පසු එම පුද්ගලයාගෙන් දුරකථන ඇමතුමක්ද ලැබුණු බව පවසා තිබේ.
කෙනෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබුණා, බොහෝ විට එය ඊමේල් පැණිවිඩය එවපු පුද්ගලයා විය යුතුයි. ඔහු විපක්ෂ නායක සම්බන්ධන් මහතාව ඝාතනය කිරීමට සැලසුම් කර ඇති කුමන්ත්රණය ගැන තමන් දන්නා බවත්, මේ සඳහා පුද්ගලයකුට රුපියල් මිලියන 25ක මුදලක් ලබාදී තිබෙන බවත්, එම ඝාතන චෝදනාව එල්.ටි.ටි.ඊ. සංවිධානය වෙත දැමීමට ද සැලසුම් කර ඇති බව පවසා සිටියේය. එල්.ටි.ටි.ඊ. සංවිධානය තවඳුරටත් ක්රියාත්මක වන බව පෙන්වාදීමට මෙලෙස සැලසුම් කර ඇති බවත්, ඉකුත් ඊමේල් පණිවිඩය ද තමන් විසින් එවූ බව ද පවසා සිටියේය. මෙය තමන් දැනගත් ආකාරය, විපක්ෂ නායකයාව ඝාතනය කිරීමේ කටයුත්ත භාරදී තිබෙන්නේ කාටද, යන තොරතුරුද අදාළ පුද්ගලයා විසින් තමන්ට පැවැසූ බව මහ ඇමැතිවරයා පෙන්වාදී තිබේ.
මේ සම්බන්ධයෙන් සොයා බලා තමන් පොලිස්පති සහ ජනාධිපතිවරයා දැනුවත් කරන බව පවසා සිටියා. මම මට ආරක්ෂාව ලබා දෙන්නැයි ඉල්ලා සිටියේ නැහැ. මේ සම්බන්ධයෙන් දැන ගැනීමෙන් අනතුරුව මට ආරක්ෂාව ලබා දෙන්නැයි ඉල්ලා සිටියේ උතුරු පළාත් සභාවයි. මම කිසිවිටක ආරක්ෂාව ලබා දෙන්නැයි ඉල්ලා සිටියේ නැහැ. උතුරු පළාත් සභාව මට ආරක්ෂාව ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලා සිටි අවස්ථාවේ රජයෙන් ලැබුණු පිළිතුරයෙහි දේශපාලන මතයක් දැක්නට තිබුණි.
දින කිහිපයකට පෙර ඉකුත් පුද්ගලයා යළි මා සමඟ දුරකථනයෙන් කථා කළා, ත්රස්ත විමර්ශණ කොඨාශයේ නායක ඩි සිල්වා නැමැත්තා තමන් තොරතුරු ලබාදීම හේතුවෙන් තමන්ට තර්ජනය කරන බව සඳහන් කළ අතර, ඇයි ඔබ දෙමළ ජාතිකයකුට උදව් කරන්නේදැයි මම විමසා සිටියා.. මම එම පුද්ගලයාගේ දුරකථන අංකය ඇතුළු තොරතුරු සියල්ල පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කළා. ඔහු මේ සම්බන්ධයෙන් විමර්ශණ කරන බවද පවසා සිටියේය. ඉතා බරපතල කරුණක් වූ මෙය කිසිවකු දේශපාලන නාඩකමකට යොදා නොගත යුතු යැයි මහ ඇමැතිවරයා වැඩිදුරටත් පවසා තිබේ.
– Global Tamil News : Sinhala
Add Comment