නියඟය හේතුවෙන් පවුල් 303748ක් පීඩාවට

දිවයිනේ දිස්ත්‍රික්ක 15 බලපා තිබෙන අධික නියඟ තත්ත්වය හේතුවෙන් පවුල් 303748ක පුද්ගලයන් 10,55455ක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවේ දැක්වෙයි. එම වාර්තාවට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් පවුල් 45185ක පුද්ගලයන් 147992ක් පීඩාවට පත්ව තිබේ.

මේ වනවිට දිවයිනේ ත්‍රීකුණාමලය, මඩකළපුව, අම්පාර, පොළොන්නරුව, අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම, කිළිනොච්චිය, මුලතිව්, යාපනය, මන්නාරම, බදුල්ල, හම්බන්තොට, මහනුවර හා රත්නපුර යන දිස්ත්‍රික්කවලට නියඟය බලපා තිබේ.

මෙම දිස්ත්‍රික්ක සඳහා ප්‍රමාණවත් පානීය ජල සැපයුම සිදු කරන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top