කුවේට්හි විවිධ හේතු මත තානාපති කාර්‍යාලයේ රැඳී සිටි 51 දෙනෙකු යළි දිවයිනට

කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටිය දී විවිධ කරදරවලට ලක්වූ ලාංකිකයින් 51 දෙනෙකු විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි අද (25) දිවයිනට පැමිණ තිබේ.

මෙම පිරිස ගිවිසුම්ගත සේවා කාලය ඉක්මවා සේවයේ නිරත වීම, වැටුප් නොලැබීම, හිරිහැර සහ විවිධ අසනීප තත්වයන් ආදිය නිසා තානාපති කාර්යාල සුරක්‍ෂා නිවාසය භාරයේ රැඳීසිටි කාන්තාවන් සහ කුවේට් රජය මගින් පවත්වාගෙන යන කඳවුරේ රැදී සිටි කාන්තාවන් වන අතර, ඔවුන් වව්නියාව, යාපනය, ත්‍රිකුණාමලය, අම්පාර, කුරුණෑගල, අනුරාධපුර, නුවර ඇතුළු දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පදිංචිකරුවන් වේ. මොවුන්ට නිවෙස් බලා යාම සඳහා ගමන් ගාස්තු කාර්යාංශය මඟින් ලබාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top